අයවැයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනා කප්පාදුවක් ?

අයවැයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනා කප්පාදුවක් ?

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බවය.

අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

මෙවර අයවැයෙන් ගුරු – විදුහල්පතිවරුන් අපේක්ෂා කළ වැටුප් වැඩිවීම ද නොලැබුණු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )