රෝහල් පද්ධතියට ඇති බලපෑමක් ඇමති නලින්ද කියයි

රෝහල් පද්ධතියට ඇති බලපෑමක් ඇමති නලින්ද කියයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මහනුවර ජාතික රෝහලේ තාවකාලිකව නතරවී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයාබැලීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ විවිධ ලැදියාවන් මත ක්‍රියාත්මක කර ඇති මෙම අවිධිමත් කටයුතු රජයට, සෞඛ්‍ය සේවාවට මෙන්ම රටට ද විශාල බරක්වී ඇති බව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල නිමාවක් සිදුවිය යුතු බැවින් ඒවා යම්තාක් දුරකට හෝ අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )