ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක්

ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක්

ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය.

මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත එම ග්‍රහලෝක පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව මහාචාර්ය ච්න්දන ජයරත්න මහතා සඳහන් කළේය.

“මේ දිනවල රාත්‍රී අහසේ ග්‍රහ පෙළපාලියක් දැකගැනීමේ හැකියාව ලෝක වාසීන්ට උදාවෙලා තියෙනවා. ලංකාවේ අපටත් දැක ගන්නට පුළුවන්. බුද ග්‍රහලෝකය පෙන්නේ නැහැ ඊළඟට සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් දර්ශනය වෙන්නේ. මෙයින් යුරේනස් සහ නෙප්චූන් බලන්නට නම් දුරේක්ෂයක් අවශ්‍යය වෙනවා. අනෙක් ග්‍රහලෝක හතර අපිට පෙනෙන්ට තියෙනවා පියවි ඇහැට. මේක දැක බලාගැනීමට සුදුසු කාලය නම් ජනවාරි 29 වනදාට පෙර හිරු බැස ගියාට පසුව විනාඩි 90ක් ඇතුළත කාලය ඉතා හොඳයි. නමුත් මෙය පෙබරවාරි මාසේ මැද වෙනතුරු යම් යම් ආකාරයෙන් දකින්නට ලැබෙනවා. හිරු බැස ගියාට පසු බටහිර අහස බැලපුවාම අපිට දැකගන්න පුළුවන් සිතිජයට ආසන්නයේ ඉතාමත් දීප්තිමත් සිකුරු ග්‍රහලෝකය ඒකට පොඩ්ඩක් පහළින් අපිට පෙනෙන්නට තියෙනවා සෙනසුරු ග්‍රහලෝකය එහි වළලු බලන්නනම් දූරේක්ෂයක් අවශ්‍ය වෙනවා.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )