මාර්ගගත අලෙවිකරණයට නියාමනයක්

මාර්ගගත අලෙවිකරණයට නියාමනයක්

මාර්ගගත අලෙවිකරණයට නැතහොත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අන්තර්ජාල ඔස්සේ කෙරෙන වෙළෙඳාමේදී මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුවේ.

අන්තර්ජාල වෙළෙඳාමේදී අදාළ භාණ්ඩයේ සත්‍ය ගැණුම් මිල, දර්ශනය කර ඇති මිලම බවට සහතික කළ යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ දැක්වා ඇත.

භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය අන්තර්ජාල වෙළෙඳාමේදීත් දර්ශනය කරන බවට සහතික කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එසේම, ඇණවුම් තහවුරු කිරීම, ප්‍රවාහනය සහ සැපයුම් සංවිධානය කිරීම මෙන්ම, ඇණවුම් අවලංගු කිරීමේ අයිතිය ද මෙම ගැසට් නිවේදනය හරහා නියාමනය කර තිබීම විශේෂත්වයකි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )