උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා 2024 ජුනි සිට 2025 මැයි කියන මාස 12 ඇතුළේ මේ හවලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි වෙන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් තමයි යෝජනාව තියෙන්නේ. කාරක සභාව මේ පිළිබඳව මහ බැංකුවෙන් ඉල්ලා සිටියා ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. එය සම්මතකරලා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට.”

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )