රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට

රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළේය.

එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරු වන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )