ජපන් වයින් විශේෂයක් අභ්‍යවකාශයේදී නිපදවීමට යයි

ජපන් වයින් විශේෂයක් අභ්‍යවකාශයේදී නිපදවීමට යයි

ජපානයේ සම්ප්‍රදායික සහල්වලින් නිපදවන වයින් විශේෂයක් වන ‘සකේ’ පානය ලබන වසරේදී අභ්‍යවකාශයේ දී නිපදවා එය පෘථිවියේදී යෙන් මිලියන ගණනකට අලෙවි කිරීමට ජපානයේ සකේ පානය නිපදවන සමාගමක් විසින් සැලසුම් කර තිබේ.

ජපානයේ ‘ඩෙස්සායි’ වෙළෙඳ නාමය යටතේ සකේ පානය නිපදවන ‘අසාහි ශුසෝ’ සමාගම විසින් මේ අනුව සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී නිපදවන සකේ මිලි ලීටර් 100ක බෝතලයක් පෘථිවියේදී යෙන් මිලියන 100කට හෝ ඇමරිකානු ඩොලර් හයලක්ෂ පනස් තුන්දහසකට අලෙවි කිරීමට බව විදෙස් මාධ්‍ය පවසයි. අසාහි ශුසෝ සමාගමට ලබන වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑමට අවස්ථාව ලැබී තිබෙන අතර ඒ අනුව එම

සමාගම මෙසේ සකේ පානය අභ්‍යවකාශයේදී නිපදවා පෘථිවියේදී විශාල මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සඳෙහි ජනාවාස ඇති කළ පසු සකේ පානය එහි ගොස් නිපදවීමට ද අදාළ සමාගම විසින් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )