ජනවාරි මාසයේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

ජනවාරි මාසයේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබේ.

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 ජනවාරි මස විදෙස් සංචාර සැලසුම් කරන්නන් අතර හොදම රටවල් අතර තුන්වන තැනට ශ්‍රී ලංකාව නම් කර ඇත.

ඒ අනුව 2025 වසරේ සංචාරය සදහා සුදුසුම රටවල් අතර අංක 1කට නම් කර ඇත්තේ පිලිපීනයයි.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉතාලියේ කදුකර කලාපයක් වන Dolomites දෙවන තැනට නම් කර තිබේ.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇති අතර උෂ්ණත්වය ස්වභාව සෞන්දර්ය මෙන්ම මුහුදු වෙරළ තීරය යන සාධක මත සංචාරකයින් ශ්‍රී ලංකාව කරා වැඩි වශයෙන් ඇදී එනු ඇතැයි සදහන්වේ.

ගාලු කොටුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇති බව ද සදහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් වඩාත් දර්ශනීය බවට ද සදහන් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ 4 සහ 5 යන ස්ථාන බාබඩෝස් සහ තායිලන්තය හිමිකරගෙන ඇත.

https://www.cntraveller.com/gallery/best-holiday-destinations-january

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )