මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහර හෙට (14) රාත්‍රි 7 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බැවින් පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලබන පෙරහර හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර කොළඹ – මීගමුව මාර්ගය හරහා ගොස් පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර නැවත කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )