ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය.

එහිදී සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර තිබුණි.

මෙම සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවත් දැඩි ඇප කොන්දේසි පනවමින් විනිසුරුවරයා නියෝග කළේය.

පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවටක එක්වෙමින් සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩිතබා ඝාතනය කෙරුණි.

එහිදී වෙඩිවැදීමෙන් නයන වාසුල විජේරත්න යන අයද මියගිය අතර අදාළ ඝාතනය සිදුකිරීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ඇතැම් සැකකරුවන් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට ද අපේක්ෂා කරන බවය.

12වන සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ද
03,04,05,06,07 යන සැකකරුවන් වෙනුවෙන් නීතීඥ විශ්ව විදානගමගේ මහතා සමග නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )