
සම්පත් කාඩ්පත් හිමියන්ට උත්සව සමයේ 70% දක්වා වට්ටම්
උදා වී ඇති උත්සව සමයට අදාළව 2024 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ වර්ගයේ කාණ්ඩ යටතේ භාණ්ඩ හා සේවාවන් සඳහා සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වට්ටම් සහිත සුවිශේෂී දීමනාවන් ලබා දීමට SampathCards අවස්ථාව සලසා තිබේ.
මෙම සමයේ දී සාම්ප්‍රදායික උත්සව වට්ටම්වලට වඩා වැඩි යමක් ලබා දෙමින් සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා විශේෂ පිරිනැමීම් හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කරයි. උත්සව සමයේ සියලුම සාප්පු සවාරි සහ ආහාරපාන ලබා ගැනීම්වලදී සම්පත් කාඩ් ඔස්සේ උපරිම වාසි ලබා ගැනීමට පාරිභෝගිකයන් හට පහසුකම් සලසා ඇත.
ඇඳුම්, පාවහන්, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ස්වර්ණාභරණ, ඇස් කණ්ණාඩි, වාහන අමතර කොටස්, ආහාරපාන, ළදරු අයිතම්, සුපිරි වෙළඳසැල් සහ වෙළඳ හවුල්කරුවන්ගේ ආකර්ෂණීය පෙළගැසීම් රැසක් සඳහා සම්පත්කාඩ් වෙතින් සුවිශේෂී දීමනාවන් පිරිනමනු ලබයි. ත්‍යාග මිලදී ගැනීම් සඳහා සාප්පු සවාරි, පවුලේ නිවාඩු සංචාරයන් හෝ භෝජන සංග්‍රහයන් යන ඕනෑම අවස්ථාවක දී වටිනා ඉතුරුවක් ද සමඟින් අමතක නොවන අත්දැකීමක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත.
මෙම සුවිශේෂී දීමනාවන් ලබාදීම සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – (කාඩ් මධ්‍යස්ථානය) ශිරාන් කොස්සින්න මහතා මෙසේ පැවසීය.
අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් බැංකු සේවාවන්ට එහා ගිය වටිනා යමක් ලබා දීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. උදා වී ඇති උත්සව සමයේ දී අපේ ගනුදෙනුකරුවන්ට මතකයේ රැඳෙන අත්දැකීම් සමඟින් සිතැඟි පරිදි සාප්පු සවාරිවල යෙදෙන්නට අප අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන්ම ඔවුන්ට වාසිදායක සහ සතුටුදායක මිලදී ගැනීම් සඳහා ප්‍රතිලාභ රැසක් අපි හිමිකර දී තිබෙනවා. සෑම වසරකම උත්සව සමයන්හි දී අපගේ කාඩ්පත් හිමියන්ට ප්‍රමුඛත්වය ලබා දීමට අප කැප වී කටයුතු කරන අතර, මෙම සුවිශේෂී වට්ටම් අඛණ්ඩව පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අප කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව සම්පත් කාඩ් හිමියන්ට අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
මෙම උත්සව සමයේ දීමනාව සියලුම සම්පත් Mastercard, Visa Credit සහ Debit Card හිමියන් සඳහා විවෘත වන අතරම, එහිදී සෑම මිලදී ගැනීමකදීම ප්‍රතිලාභ හිමිකර දීමට අවස්ථාව සලසා තිබේ. සැණකෙළි සිරියෙන් ඇළලෙන දෙසැම්බරයේ මෙම විස්මිත වට්ටම් සමඟින් උත්සව සමය ප්‍රීතියෙන් ගත කිරීමට සම්පත් බැංකුව, ඔබගේ ප්‍රියතම තෝරා ගැනීම බවට පත් කරගන්න.