සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර තිබේ.

සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත් ආනයනකරුවන් පවසයි.

නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවද ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )