ඒඩ්ස් ආසාදිතයින් ඉහළට

ඒඩ්ස් ආසාදිතයින් ඉහළට

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIVආසාදිතයින් අතරින් සියයට 15ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය මෙම අදහස් පළ කළාය.

“පසුගිය වසරේ නව HVI වෛරස ආසාධිත රෝගීන් 694 අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. දත්ත දිහා බලනකොට ඔබට පැහැදිලි HVI වෛරසයේ නව ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙන බව.

විශේෂයෙන් තරුණ තරුණියන් අතර තිබෙන දත්ත බලනකොටත් නව රෝගීන්ගෙන් 15%ක්ම වයස අවුරුදු 15ත් 24ත් අතර නව යෞවන යෞවනියන් . මේ ගැන අපි වැඩිදුරටත් සොයා බැලීමේ දී ඇත්තටම මේකට හේතුව විදියට අපි දකින්නේ ඡංගම දුරකථන ඇතුළු නොයෙකුත් නවීණ තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහකරුවන් සොයා ගැනීමට යාම. එහෙමත් නැති නම් නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ තරුණියන් අතර නව ආසාදිතයින් වැඩිවීමට හේතු වෙනවා.”

 

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )