උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් එම සතුන් තෑගි කළ බව රුසියාවේ පාරිසරික ඇමැති ඇලෙක්සැන්ඩර් කොස්ලොව් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාරිසරික ඇමැතිවරයා විසින්ම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම සතුන් රැගෙන උතුරු කොරියාවේ අගනුවරට ගොස් ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාවට සතුන් තෑගි කිරිමට රුසියානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ යුක්රේනයට එරෙහිව සටන් බිමට උතුරු කොරියානු රජය සිය හමුදා සෙබළුන් යවා ඇති බවට අමෙරිකාව සහ දකුණු කොරියාව චෝදනා එල්ල කිරීමේ උණුසුම අතරතුරදීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )