ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙයි

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙයි

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

20 වැනි ගිනස් ලෝක වාර්තා දිනය යෙදී තිබූ පසුගිය 13 වැනිදා ලන්ඩන් නුවර සැවෝයි හෝටලයේදී මුණගැසුණු මේ අසාමාන්‍ය කාන්තාවන් දෙදෙනා ඔවුනොවුන්ගේ ජීවන අත්දැකීම් බෙදා හදාගත් බවත්, එක්ව තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ලොව උසම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන අඩි 7කුත්, අඟලක් උසැති තුර්කි ජාතික 27 හැවිරිදි රුමෙයිසා ගිල්ගි සහ ලොව මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තාව අත්කරගෙන සිටින අඩි දෙකකුත්, අඟලක් උසැති ඉන්දියාවේ 30 හැවිරිදි ජොයිති අම්ගේ එකිනෙකා මුණගැසීම සිදුවූයේ පළමුවරට බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )