රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට

රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට

සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි.

ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක්ද නිර්මාණය විය.

මතුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය කෙරුණේ සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙසම පවත්වාගෙන යාමටය.

මෙවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )