මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශයෙන් කමලා-ට්‍රම්ප් කරට කර

මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශයෙන් කමලා-ට්‍රම්ප් කරට කර

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය. කැනඩා දේශසීමාව ආසන්නයේ පිහිටි නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන ඩික්ස්විල් නොච්හි ‘මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශය’ නමින් හඳුන්වන දශක 6ක් පැරැණි එරට සාම්ප්‍රදායිකව පළමු ඡන්ද විමසීම සිදු කළ අතර, මෙවර එහි ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 6ක් විය.

මධ්‍යම රාත්‍රී 12.00ට එකෝඩියන් වාද්‍ය භාණ්ඩයෙන් අමෙරිකාවේ ජාතික ගීය වාදනය කරමින් ආරම්භ කළ ඩික්ස්විල් නොච්හි ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද 3 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූ බව ද වාර්තා වේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )