අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී ඇති මෙවර අමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා සහභාගි වූහ.

අමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට එක්විය. ඡායාරූපය – AFP

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )