ගංවතුරෙන් විපතට පත්වූවන් බැලීමට ගිය ස්පාඤ්ඤ රජුට සහ රැජනට මඩ ප්‍රහාරයක්

ගංවතුරෙන් විපතට පත්වූවන් බැලීමට ගිය ස්පාඤ්ඤ රජුට සහ රැජනට මඩ ප්‍රහාරයක්

පුද්ගලයන් 200කට වැඩි පිරිසකට මරු කැඳවූ ස්පාඤ්ඤ ගංවතුරෙන් විපතට පත්වූවන් මුණ ගැසීමට වැලෙන්සියා ප්‍රාන්තයේ සංචාරයක නිරත වූ එරට 6 වැනි ෆෙලිප් රජුට සහ ලෙටීසියා රැජනට කෝපය පළ කරමින් ප්‍රාන්ත ජනතාව මඩ ප්‍රහාරයකින් සංග්‍රහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔවුන් සමඟ පැමිණි අගමැතිවරයා පලා ගිය බවත්, ඔහුගේ මෝටර් රථයට ජනතාව ගල්මුල්වලින් පහරදුන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුව පොලිසියේ සහ ආරක්ෂකයන්ගේ රැකවරණය මැද රජු සහ රැජන පිටව ගිය බව වාර්තා වේ.

පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ උද්ගත වූ දරුණු ගංවතුර තත්ත්වය පිළිබඳ බලධාරීන් අනතුරු ඇඟවීම් සිදු නොකිරීම හේතුවෙන් බවට වැලෙන්සියා ප්‍රාන්තයේ ජනතාව චෝදනා එල්ල කර තිබිණි. එමඟින් සුනාමියකට සමාන ආකාරයේ දරුණු විනාශයක් සිදුවූ අතර, මියගිය පුද්ගලයන්ට අමතරව තවත් පුද්ගලයන් රැසක් ගංවතුරට හසුවී අතුරුදන්වූ බවත්, නිවාස, ගොඩනැඟිලි සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් විනාශ වූ බවත් වාර්තා විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )