
ගුවන් සේවා කාණ්ඩයේ රිදී සම්මානය ශ්‍රීලන්කන් කාගෝ හිමි කරගනී
ජාතික කාර්ය සම්පාදන සම්මාන උලෙළේදී ගුවන් සේවා කාණ්ඩයේ රිදී සම්මානය හිමි කර ගැනීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලන්කන් කාගෝ (SriLankan Cargo) සමත් විය.
මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා කාර්ය සම්පාදන සහ භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය (Sri Lanka Logistics and Freight Forwarders Association – SLFFA) මඟිනි.
ශ්‍රී ලංකාවේ කාර්ය සම්පාදන හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් හා සමාගම් ඇගැයීමට ලක්කරන අතරම එම ක්ෂේත්‍රයේ ප්‍රමිතිය නංවාලීම මෙම සම්මාන උලෙළේ අරමුණයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ කාර්ය සම්පාදන ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රීලන්කන් කාගෝ සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.
“ජාතික ගුවන් සේවය ලෙස අපනයන හා ආනයන කර්මාන්තයේ ආර්ථිකය නංවාලීම සඳහා අප දරන උත්සාහය මෙලෙස ඇගැයීමට ලක්වීම අපට සතුටක්. ලොව ගුවන් සමාගම් සමඟ ගිවිසුම් 130කට අධික සංඛ්‍යාවකට එළඹීම සහ මාර්ගස්ථ ප්‍රවාහන සේවා 6ක් සමඟ අත්වැල් බැඳගැනීම ඔස්සේ ලොව ගමනාන්ත 200කට අධික සංඛ්‍යාවක් ආවරණය කිරීමට අපට හැකි වී තිබෙනවා.” ශ්‍රීලන්කන් කාගෝ හි ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.
ප්‍රවාහනය කරන ලද භාණ්ඩ ප්‍රමාණය, විශේෂ භාණ්ඩ හැසිරවීමේ හැකියාව, නවෝත්පාදනයන්, නව නිෂ්පාදන සහ අගය එකතු කළ සේවාවන් වැනි අංශ රැසක් සැලකිල්ලට ගනිමින් සම්මාන උලෙළේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද අතර මෙම අංශ සියල්ල තුළ ඉහළ ලකුණු වාර්තා කරමින්, තමන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන හා කාර්ය සම්පාදන සේවා සපයන්නකු ලෙස ක්ෂේත්‍රයේ උන්නතියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් සිටින බව තහවුරු කිරීමට ශ්‍රීලන්කන් කාගෝ සමත් විය.
පසුගිය වසරේදී පමණක් ශ්‍රීලන්කන් කාගෝ විසින් භාණ්ඩ ටොන් 100,000කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන ලද අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය යනු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා නැති වාණිජ මගී ගුවන් සේවයක් බව සැලකිල්ලට ගත් විට මෙය සැබැන්ම විශාල භාණ්ඩ ප්‍රමාණයකි. මෙම සාර්ථකත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අනුගමනය කරන සුවිශේෂ ප්‍රවේශයයි.