
ස්පාඤ්ඤය ට නැවතත් අනතුරු ඇඟවීමක්
පසුගියදා දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවුණු ස්පාඤ්ඤයේ වැලෙන්ෂියා ප්‍රදේශයට නැවතත් දරුණු සුළි කුණාටුවක් ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලෙන්ෂියා නගරයේ 95 දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන් විය. එම පිරිස් සොයා සහන කණ්ඩායම් තවමත් මෙහෙයුම් සිදුකරන බව සඳහන් ය.
එහි මරණ ගණන තවත් වැඩිවිය හැකි බව බලධාරීන් පවසයි.
CATEGORIES විදෙස් පුවත්