කොදෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි-20 තරඟය අද

කොදෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි-20 තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි-20 තරඟය අද(15) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟය රාත්‍රී 7.00ට රංගිරි දුඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පලමු විස්සයි-20 තරඟයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට කොදෙව් පිල සමත් වූ අතර ඒ හේතුවෙන් අද තරඟයේ ජයග්‍රණය ශ්‍රී ලංකා පිලට ඉතාමත් තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

කොදෙව් විස්සයි20 සංචි­තය – රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස් (උප නායක), ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆාන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )