රනිල්ට සහාය දැක්වූ සියලු පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට

රනිල්ට සහාය දැක්වූ සියලු පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබේ.

අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගවදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට  (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී තිබුණි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් ද අත්සන් කර තිබුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )