මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා

මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) පස්වරුවේ කෑගල්ලේ පැවති ජන රැලියකදීය.

“මට ආරංචියි අනුර මහත්තයා මෙතන ඇවිත් රැස්වීමක් කළා ලු. හැබැයි තනියම ලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. දැන් දෙන්නම ඩීල් එකක් දාගෙන. කොහොම හරි සජිත් ප්‍රේමදාසව පරද්දන්න ඕනේ. ඇයි ?. ඒගොල්ලෝ බයයි.”

මේ අතර, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ රැලි මාලාවේ තවත් ජන රැලියක් හෙට්ටිපොලදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )