ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 3,000කට අධික පිරිසකට තුවාල

ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 3,000කට අධික පිරිසකට තුවාල

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේ, මෙම පිපිරීම් හේතුවෙන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය.

තුවාල පැබූ පුද්ගලයින්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව තිබේ.

මෙම පිපිරීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිදුකරඇති බව හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරයි.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන් වේ.

මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )