ඉරාන ජනපති සහ විදෙස් ඇමැති මියගොස් ඇති බව තහවුරු කරයි

ඉරාන ජනපති සහ විදෙස් ඇමැති මියගොස් ඇති බව තහවුරු කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීපදෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බව ඔවුහු අනුමාන කරති.

අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතුය. ජනාධිපති රයිසි අතුළු පිරිස නැගෙනහිර අසර්බයිජානයට ගියේ එහි වේලි දෙකක් විවෘත කිරීමටය. අසර්බයිජාන ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යළි ඉරානයේ ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබුණි.

ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පැවැසූහ.

63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )