ලංකාවට එන විදේශිකයන්ට තේ සිහිවටනයක්

ලංකාවට එන විදේශිකයන්ට තේ සිහිවටනයක්

ලංකාවට එන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතය.

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

විදෙස් සංචාරකයන්ට තේ සිහිවටනයක් ලබාදීමේ යෝජනාවට තේ කර්මාන්තකරුවන් ද එකඟතාවය පළ කළ අතර ඊට දායක වීමට සූදානම් බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය විසින් දැරීමට නියමිතය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )