
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ රාගල ශාඛාව නව නිවහනකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි මස 08 වන දින කන්ද උඩරට රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. නො: 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවය සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.
රාගල ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට වඩාත් සමීප වෙමින් කඩිනම් රක්ෂණ සේවාවක් ලබා දීම අරමුණු කරගත් නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත මෙම නවතම ශාඛාව වඩාත් නිවැරදි තක්සේරු, වේගවත් හිමිකම් පියවීම්, පූර්ණ රැකවණය ඇතුලු පුළුල් පරාසයක විහිදුණු රක්ෂණ සේවාවන් රැසක් පිරිනැමීමට සූදානම් වී සිටී.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ත පියසේන මහතා පවසා සිටියේ “සේවා විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා මෙසේ ශාඛා ජාලය පුළුල් කිරීම වැදගත් පදනමක් ලෙස සලකන බවත්. ‘ක්ෂුද්‍ර රක්ෂණයේ වැඩිම සේවාදායක පදනමක්‘ යන අපගේ දැක්ම වෙත යන්නා වූ ගමන සාර්ථක කරගැනීමට සහ තරඟකාරී ක්ෂේත්‍රයක් වන රක්ෂණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දැවැන්ත සමාගමක් ලෙස පත්වීමට වැදගත් අත්තිවාරමක් සලසයි. සමාගමේ වටිනා ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට සහ සියලු පාර්ශවකරුවන්ට අඛණ්ඩව ප්‍රතිලාභ ලබා දීම සමාගමේ මූලික පරමාර්ථයයි. ඒ වෙනුවෙන් සමාගම කටයුතු සැලසුම් කරන අතර, මෙම නව ශාඛාව මඟින්ද ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා කේන්ද්‍රස්ථානයේ තබා, එය සපුරාලීම සඳහා කැපවී සිටිනබවත්” ය.
එදා මෙදා තුර ජනතා සේවයේ ඉහළින්ම වැජඹෙන ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය අඛණ්ඩව දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වෙමින් දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින් සිටියි. සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයින් හට ඉතා ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ දිවයින පුරා විිසිරුණු ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවකි. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය වැනි අභියෝග හමුවේ වුවද ශක්තිමත් ව්‍යාපාර වපසරියක් පවත්වාගෙන යමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් දිවයින පුරා දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ආයතනයක් ලෙස ද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හැඳින්විය හැකියි.