රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි

රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සියලු ජාතීන්ගෙන් සමන්විත පුළුල් ම සන්ධානය මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා ගොනු වෙමින් සිටින බවද විජයවර්ධන මහතා කීය.

එජාප නියෝජ්‍ය නායකයා මේ බව කීවේ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු බියගම කාර්යාලයේදී වැඩ ඇරඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය නියෝජිතයන් සහ පාක්ෂිකයන් මෙහිදී හමු වූ විජයවර්ධන මහතා නව වසරට සුබපැතුම් එක්කරමින් සඳහන් කළේ ජනපතිගේ වැඩපිළිවෙළට සියලු දෙනාම එකාවන්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )