කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහනක් අත්‍යවශ්‍ය බවත් එම කර්මාන්ත පිළිබඳව දියුණු රටවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකාවට අන්‍යනය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් සමඟ එම කර්මාන්ත වෙනුවෙන් අනිවාර්ය කටයුතු කිරීමට කාලවකවානු සහිතව සූදානමින් සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවසීය.

එම කර්මාන්ත වෙනුවෙන් මෙම කාලයේ බොහෝ දේවල් කිරීමට ඇති බව කී විපක්‍ෂ නායකවරයා බිඳ වැටුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනයට ප්‍රවේශයට පහසුකම්, කාරක ප්‍රාග්ධන පහසුකම් සහ ප්‍රාග්ධනය දරාගත හැකි පිරිවැයකට සපයා ගැනීමේ පහසුව ආදි සැපයීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංසදය ආරම්භ කරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21) පැවැති සම්මන්ත්‍රණයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

වර්තමාන තත්වය අනුව කෙටි කාලීනව, මධ්‍යය කාලීනව සහ දීර්ඝ කාලීන කළ යුතු දේ වඩාත් හොඳින් අවබෝදකරගනිමින් රටේ ආර්ථිකයේ එන්ජිම වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට විනාශවීමට නොදී රැකගැනීම සඳහා කෙටි කාලීන පියවර ලෙස කඩිනම් පියවර ගත් යුතු බවත් ඒ සඳහා බලවේග රැසක් එකතුව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අවස්ථාව ලැබුණු බවත් ප්‍රේමදාස මහතා කීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )