‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට

දියතලාව නරියාකන්ද , “ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් තවත් 19 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.

එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )