‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි.

ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයේ තරග අංක 5 යටතේ තරග වැදුණු මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් දෙදෙනාත් මෙම මෝටර් රථ අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය.

පාස්කු දින ප්‍රහාරයෙන් වසර පහකට පසුව ඊයේ (21) දියතලාව නරියාකන්දේදි මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග පැවත්විණ.

එම මෝටර්රථ ධාවන තරගය අතරතුරේ මෙසේ මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර ට පත් වූ අතර එය නැරඹීමට ඒ ආසන්නයට යාමේදී පැවති අධික දූවිල්ලත් සමඟ ධාවන පථයෙ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඉවතට විසිවී ගොස් ඊට යටවීමෙන් මෙසේ අවුරුදු 8 කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බවද පොලිසිය සදහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )