දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පෙත්සමක්

දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලිකා විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී, කාරක සභික තරිඳු උඩුවරගෙදර, උප සභාපති බී. නිරෝෂ් කුමාර් සහ එහි සාමාජිකා රේකා නිලුක්ෂි යන පිරිස විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි, නීති විරෝධී අත්තනෝමතික තීරණයක් බව පෙත්සම්කරුවන් මෙමඟින් පෙන්වා දෙනවා.

මේ අතර, ඊයේ (12) දිනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමේ තීරණයට එරෙහිව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින්ද තවත් පෙත්සම් දෙකක් ඉකුත්දා ගොනු කර තිබුණා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )