වරාය නගරෙන් අවුරුද්දට ඩොලර් බිලියන 15ක්

වරාය නගරෙන් අවුරුද්දට ඩොලර් බිලියන 15ක්

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි.

නමුත් මාස 15ක් ගත වන විට එහි බොහෝ යටිතල පහසුකම් සපුරාලීමට හැකි වූ බව ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාවේ විශාලතම ඍජු ආයෝජන ව්‍යාපෘතිය වරාය නගරය බවත් එමඟින් අනාගතයේ දී මෙරට ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 15 බැගින් එකතු කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමඟ එකතු වෙමින් හෙතෙම මේ බව පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )