ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි වාර්තාවේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම්පස කන්ටේනරයේ ගැනිමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට ලක්වූ අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් රියදුරාත් රාගම රෝහලට රැගෙන යාමට කටයුතු කරඇති නමුත් ඒ වන විටත් රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )