රජයේ විගණකාධිපති ගල් අඟුරු හොරු එළිකරලා ඉවරයි…!

තමන් විසින් විගණකාධිපති ධුරයට පත් කළ නිලධාරිනිය තම ඇමතිවරයාට එරෙහිව ගල් අඟුරු භූමිකාව පිළිබඳ විගණන වාර්තාවක් ඉදිරිපත්කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු නොවූ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජනාධිපති කොමිසම් පත්කිරීම නොව විගණකාධිපති වාර්තාව අල්ලස් හ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර වහාම පරීක්ෂණ ආරම්භ කිරීම බව ඔහු අවධාරණය කරයි.

එසේ නොකර ජනාධිපති කොමිසමේ විමර්ශන පහසු කිරීම සඳහා යැයි ඇමති ඉල්ලා අස්වීම තනිකර නාඩගමක් බවත් පසුගිය ජනාධිපතිවරණයට පෙර දුප්පතුන් ලෙස රඟපෑ මාලිමා නායකයන් දැන් කෝටිපති බොරුකාරයන් බව තහවුරු වී ඇති බවත් ආනන්ද පාලිත ප්‍රකාශ කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )