බිරිය මරා වළදැමූ සැමියා අත්අඩංගුවට

බිරිය මරා වළදැමූ සැමියා අත්අඩංගුවට

සිය බිරිඳ ඝාතනය කොට පොලිතීන් උරවල ඔතා නිවස අසල වළදැමූ පුද්ගලයකු මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි.

දින කිහිපයක සිට අතුරුදන් දියණිය පිළිබඳ තොරතුරු සොයා ඇය පදිංචිව සිටි නිවසට ගිය මව නිවස අසල කිසියම් දෙයක් වළදමා තිබෙන බවට සැක සිතී මුල්ලියාවේලි පොලිසිය දැණුවත් කිරීමෙන් අනතුරුව ඝාතනය කළ කාන්තාවගේ සිරුර පොලිසිය සොයාගනු ලැබීය.

එලෙස ඝාතනය කොට ඇත්තේ මුලතිව් පුදුකුඩිරිප්පු හි පදිංචි ටි.ගීතා නැමති 23 හැවිරිදි කාන්තාවක වේ.

ඝාතනයත් සමඟ මියගිය කාන්තාවගේ සැමියා සැඟව සිට ඇති බවත් පසුව සිදුකළ විමර්ශන වලදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )