
ගොඩගැසුණු රියැදුරු බලපත් ලක්ෂ 5ම මේ මාසේ නිකුත් කරනවා
නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබෙන රියැදුරු බලපත්‍ර 490,000ක තොගය මෙම මාසය තුළ නිකුත්කර අවසන් කිරීමට සැලසුම් කරන බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.
රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම මාර්තු මාසයේදී සිදු කරන බවත් රියැදුරු බලපත්‍ර ගොඩගැසීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු වගකිව යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෝටර් වාහන පනත යටතේ නියෝග, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු යෝජනා සම්මත සහ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
දිට්වා නිසා නොවැම්බර් 25 සිට දෙසැම්බර් 25 දක්වා කාලය තුළ රියැදුරු බලපත් අලුත් කරන්න බැරි වුණා. විදේශිකයන් ලංකාවට පැමිණි පසුව වේරහැරට ගොස් රියැදුරු බලපත්‍රය අලුත් කරගත යුතුව තිබුණා. එය පහසු කරමින් ගුවන්තොටුපළේදීම අලුත් කරගන්න අවස්ථාව දුන්නා. ඒ සඳහා වන මුදල රුපියල් 45,000 දක්වා වැඩි කළා.
පාර්ලිමේන්තුවේ විනය හදන්න වගේම රටේ ප්‍රවාහනයේ විනය හදන්නත් අපි අපේක්ෂා කරනවා. ත්‍රීවීල්, ටැක්සි, කාර්යාල වාහන නිසිලෙස නියාමනය නොකිරීමෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. පාසල් වෑන් රථ ගත් විට මවුපියන්ට ගැටලු තිබෙනවා. ත්‍රීවිල්, ටැක්සි, පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවාහන රථ සඳහා රෙගුලාසි හදනවා.
මත්ද්‍රව්‍ය භාවිත කර රියැදුරන් හා කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක් කරගෙන යනවා. මෑතදී මෙරටදී මත්ද්‍රව්‍ය භාවිත කරන රැකියා අතරින් රියැදුරු රැකියාව පත්වෙලා වගේ හිතෙනවා. මේ සමීක්ෂණවලින් එය හෙළි වෙනවා. 2,700න් 2,000ක් පදිකයන් හා මෝටර් බයිසිකලයේ යන අය මරණයට පත්ව තිබෙනවා. වාහනයක හැපීමෙන් පදිකයන් මැරෙනවා. මේ නිසා රියැදුරන්ගේ විනය හැදීමට අපි කටයුතු කරනවා.
පාරේ විනය හදන්න කියලා අපට සංඛ්‍යා ලේඛනවලින්ම ඇවිත් තිබෙනවා. සීට් බෙල්ට් නීති කලින් සිටම තිබුණා. අපි එය ටිකක් බලවත් කළා. සීට් බෙල්ට් භාවිත කරන්න කියලා මෙරට ශල්‍ය වෛද්‍යවරුන් පවා ගිහිං දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදුවා. බස් රථවල කාඩ් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හදා තිබෙනවා.
මිනිසුන් අත තිබෙන බැංකු කාඩ්පතෙන් ගෙවිය හැකියි. මේ ක්‍රමයේදී බැංකු මුල් සමාගම් සමඟ කතා කළා. ඩිජිටල් අමාත්‍යාංශය සමඟත් කතා කළා.
ප්‍රධාන බැංකු සමාගම් දෙකක් මෙරට ක්‍රියාත්මක වෙනවා. එක් ආයතනයක් අපට දැනුම් දී තිබෙනවා ඔවුන්ගේ කමිෂන් එක එයාලා ගන්නේ නැති බවට. අනෙක් සමාගමත් අපට දැනුම් දෙයි කියලා හිතනවා. හොර තෝතැන්නක් බවට මෝටර් රථ දෙපාර්තමේන්තුව පත්ව තිබුණා. විශාල ශ්රමයකින් තමයි ඒවා නැති කළේ. පසුගිය ආණ්ඩු ඒවාට වග කියන්න ඕනෑ.“
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න
