හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක්

හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24) කරුණු වාර්තා කළේය.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර හරක් කටා සහ කුඩු සලිදු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )