වසර 15කට පස්සේ ආපු දරුණුම ඉන්ෆ්ලුවෙන්සා රැල්ල මෙන්න

වසර 15කට පස්සේ ආපු දරුණුම ඉන්ෆ්ලුවෙන්සා රැල්ල මෙන්න

ලෝකයේ බලවතා කියලා කියන ඇමෙරිකාව අද වෙද්දී අලුත්ම “සෞඛ්‍ය මාරයෙක්” නිසා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

මේ දවස්වල එහේ පැතිරෙන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා (Flu) රෝගය නිසා මුළු රටම භීතියට පත්වෙලා.

අමෙරිකා එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කරපු අලුත්ම වාර්තාවලින් කියවෙන්නේ හිතාගන්න බැරි තරම් දරුණු තොරතුරු රැසක්. දැනටමත් මිලියන 20කට වඩා වැඩි පිරිසක් මේ රෝගයට ගොදුරු වෙලා අවසන්. ඒ විතරක් නෙමෙයි, දරුණු තත්ත්වය නිසා රෝහල්ගත කරපු පිරිස 270,000ක්. හැමෝම තිගැස්මට පත් කරන පුවත තමයි මේ වෙද්දී 11,000ක් දෙනා මේ ලොවෙන් සමුගෙන තියෙන එක.

සෞඛ්‍ය අංශ පවසන විදිහට මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. 2010-2011 අවුරුදුවලින් පස්සේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ තරම් ඉහළ මට්ටමකට වාර්තා වෙලා තියෙන්නේ පළමු වතාවටයි. එදාටත් වඩා දරුණු විදිහට මේ වසංගතය පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ ඇමෙරිකානුවන්ව දැඩි අවදානමකට ඇද දමමින්.

“අපි හිතුවට වඩා මේක ගොඩක් වේගයෙන් පැතිරෙනවා…” – සෞඛ්‍ය අංශවලින් ලැබෙන අනතුරු ඇඟවීම්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )