මාව පාරේ මරලා දැම්මත් මගේ සටන ගෙනියනවා

මාව පාරේ මරලා දැම්මත් මගේ සටන ගෙනියනවා

පෙලපාලි නෙමෙයි, පින්තූර පිච්චුවාට නෙමෙයි, මාව පාරේ මරලා දැම්මත් හොද ක්‍රමයක් ලැබෙනකම් මගේ සටන මම ගෙනියන බව සමගි ජන ⁣බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී විජේරත්න සඳහන් කරයි.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීනී රෝහිණී විජේරත්න සඳහන් කළේ,

“මම අල්ලස් හා දූෂණ කොමිසමෙන් අහනවා. අල්ලස කියන වරද මේකෙන් වෙන්නේ නැද්ද. හරි වෙන්නේ නැහැයි කියනවා නම් අපි ගෙවමු. 1700 නෙමෙයි 2000ක්. වතු ශ්‍රමිකයෝ සියලුම දෙනාට මේක ගෙවන්නට සමගි ජන බලවේගය ඇතුළු රෝහිණී විජේරත්න මේකට එකගයි.”

“මම එදත්, අදත්, හෙටත් වතු ශ්‍රමිකයන් වෙනුවෙන්, අද පෙනී ඉන්නවා වගේම හෙටත් මම පෙනී ඉන්නවා. ඕගොල්ලෝ පෙලපාලි නෙමෙයි, පින්තූර පිච්චුවාට නෙමෙයි, මාව පාරේ මරලා දැම්මත් හොද ක්‍රමයක් ලැබෙනකම් මගේ සටන මම ගෙනියනවා.

මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මන්දපෝෂණය තියෙන්නේ, වහලේ හිල් වෙලා තියෙන්නේ, පොලවේ උල්දිය දාන්නේ අර කියන ප්‍රධාන සමාගම් 21 අය නෙමෙයි.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )