නුගේගොඩින් සටන අරඹන්න පොහොට්ටුවේ අය ආයෙත් එනවා

නුගේගොඩින් සටන අරඹන්න පොහොට්ටුවේ අය ආයෙත් එනවා

නුගේගොඩ කියන්නේ ආරම්භයක සංධිස්ථානයක් බවත් නුගේගොඩින් පටන් ගන්නේ සටනක ආරම්භය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

“නුගේගොඩ කියන්නේ ආරම්භයක සංධිස්ථානයක්. මේ නුගේගොඩින් පටන් ගන්නේ සටනක ආරම්භය. අපිට වඩා (21) රැළිය ගැන කතා කරන්නේ ආණ්ඩුව.

ආණ්ඩුවට බයක් දැනිලා. අපි කරන්නේ අනුර කුමාර ජනාධිපති උගන්වපු දේ. විපක්ෂයේ කාර්යභාරය. අපි මේ එක්කන් එන්නේ මාලිමාවේ අය නමෙයි.

අපි එක් කරන්නේ, අපේ අයව. අපේ අය තමයි ගිහින් මාලිමාවට කතිරේ ගැහුවේ. මාලිමාවට හිටියේ 3%යි. වැඩි බහුතරය පොහොට්ටුවේ අය.

ඒ අය අපේ වැරදි හින්දා, පෝලිම් හින්දා අපි එපා වෙලා ගියා. ආයි එනවා මෙන්න. දැන් එළවන්නද.? එහෙම ආණ්ඩු හදන්න බෑනේ. එහෙනම් ජාතක කරලම ගන්න ඕන. ඒක දේශපාලන ස්වභාවය.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )