
යූඇන්පී මහ ගෙදරට එන්න අපි සූදානම්…! – එස්.එම්. මරික්කාර්
සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වුව ද අච්චාරුවකට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.
“අපේ සන්ධානය හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ විනා වෙනත් දේශපාලන පක්ෂ සමඟ නෙවෙයි. අච්චාරුවට අපි එකතු වෙන්නේ නෑ.
අපි ප්‍රේම සබඳතාවක් හදාගත්තාම තාත්තා අකමැති වුණා, අපි ගෙදරින් ගියා. දැන් ඉතින් මහ ගෙදරට එන්න පුළුවන්. අල්ලපු ගෙදරට යන්නේ නෑනේ.”
ඒ අනුව දකුණු කඳවුර එකතු විය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බවත් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් හෙතම අවධාරණය කරයි.
CATEGORIES දේශීය පුවත්