ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Brand Finance 2025 ශ්‍රේණි ගතකිරීම් අතරින්, ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස කිරුළු පළඳී

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Brand Finance 2025 ශ්‍රේණි ගතකිරීම් අතරින්, ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස කිරුළු පළඳී

ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව පුරා දීපව්‍යාප්ත වෙමින්, පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා ලබා දෙන ශක්තිමත් ස්ථාවරත්වය මේ හරහා නැවත වරක් මැනවින් විදහා දක්වයි.

මෙලෙස, ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි ජයග්‍රහණය ලබා ගැනීම සඳහා SLICGI සමාගම සතු වෙළඳපොළ නායකත්වය, රක්ෂණ හිමිකම් සඳහා වූ විශ්වසනීයත්වය සහ පාරිභෝගිකබවතුන්ගේ තෘප්තිය වැනි ගුණාත්මක කරණා Brand Finance 2025 ශ්‍රේණිගත කිරීම් තුළින් ඉස්මතු කරන ලදී. ප්‍රදේශ 142 ක් පුරා පිහිටි ශක්තිමත් ශාඛා ජාලයක්, 2,000 ක අලෙවි බලකායක් සහ ලියාපදිංචි අතරමැදි පාර්ශවකරුවන් 80 කට අධික පිරිසක් සහිතව SLICGI සමගම අද්විතීය වූ දීපව්‍යාප්ත සේවා සැපයීමක් සහතික කරයි. බැංකු, ලීසිං සමාගම් සහ තැපැල් සේවා සමගින් සමාගමේ උපායමාර්ගික සහයෝගීතාවයන් එහි බෙදාහැරීමේ ගමන් මග තවදුරටත් වැඩිදියුණු කරනු ලබයි.

2024 වසරේ දී සමාගමේ ශක්තිමත් කාර්ය සාධනය විදහා දක්වමින්, SLICGI රුපියල් බිලියන 25 ක වාරික ආදායමක්, රුපියල් බිලියන 3.2 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් සහ මෝටර් රථ, වෛද්‍ය, වගකීම් සහ ආපදා වැනි විවිධ රක්ෂණ කාණ්ඩ පෙළක් හරහා රුපියල් බිලියන 10.5 ක හිමිකම් ගෙවීම් ප්‍රමාණයක් වාර්තා කර තිබේ. සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය, Fitch A+ ණයවර ශ්‍රේණිගත කිරීම සහ ගෝලීය ප්‍රතිරක්ෂණ සමාගමක් වන Swiss Re ආයතනය විසින් ලබා දෙන දිගුකාලීන ප්‍රතිරක්ෂණ සහයෝගීතාවය හරහා වැඩිදුරටත් පිළිබිඹු වන අතර, ඒ තුළින් ජාතික භාණ්ඩාගාරයට බරක් නොවී අපදා අවදානම් කළමනාකරණය කිරීමට සමාගමට හැකියාව ලැබෙනු ඇත.

දශක හයකට වැඩි කාලයක් පුරා අධිවේගී මාර්ග හා ජාතික ගුවන් සේවා වැනි රටේ ජාතික වත්කම් ආරක්ෂා කරමින් සහ සුරක්ෂා (Suraksha Insurance) ශිෂ්‍ය රක්ෂණ වැඩසටහන වැනි නව ආරම්භයන් හරහා අනාගත තරුණ පරම්පරාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විශ්වාසනීය උරුමයක් ගොඩනගා තිබේ. 2001 වසරේ සිදුවූ ගුවන්තොටුපොළ ප්‍රහාරය, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය සහ 2016 වසරේදී වූ ගංවතුර ව්‍යසනය ඇතුළු ජාතික ආපදාවන් හමුවේ, රටේ ජනතාව නැවත ගොඩනැගීම සඳහා බිලියන ගණනක හිමිකම් ගෙවීම හරහා සමාගම සිය විශ්වසනීයත්වය අඛණ්ඩව තහවුරු කර ඇත.

SLICGI සමාගම පුද්ගලයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, බහුජාතික සමාගම් සහ විශාල සමූහ ව්‍යාපාර සඳහා හඳුන්වාදී ඇති රථ වාහන, දේපළ, සෞඛ්‍ය, නාවික සහ සංචාරක යන රක්ෂණ විසඳුම් ඇතුළු පුළුල් රක්ෂණ ආවරණ එකතුවක් හරහා එම ක්ෂේත්‍රවල විවිධ අවශ්‍යතා සපුරාලීම අඛන්ඩව සිදු කරයි. සමාගම සතු ප්‍රධානතම රක්ෂණ ආවරණ පිරිනැමීම් අතරට, ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ අංක එකේ සන්නාමය වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, දේපළ ආරක්ෂාව සඳහා වන Home Protect, පුළුල් සෞඛ්‍ය සේවා රක්ෂණය සහ අවදානම් සහිත අනපේක්ෂිත උවදුරු වලදී අපනයනකරුවන් ආරක්ෂා කෙරෙන නාවික රක්ෂණය ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් රක්ෂණ සමාගම බවට හිමිකම් කීමේ දැක්ම මත පදනම් වෙමින් SLICGI සමාගම, පාරිභෝගික පහසුව සහ සේවා විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන පාදක කරගත් ඔන්ලයින් රක්ෂණ හිමිකම් පරීක්ෂාවන්, පැය 24 පුරාම ක්‍රියාත්මක පාරිභෝගික සේවා සහාය, මුදල් භාවිතා නොවූ වෛද්‍ය පහසුකම් සහ ජංගම උපාංග යෙදුම් ඇතුළත් නවීන අත්දැකීම් හඳුන්වාදීමට සමත්ව ඇත.

ශක්තිමත් මූල්‍ය පදනම, රාජ්‍ය විශ්වසනීයත්වය සහ දශක ගණනාවක් පුරා ඔරොත්තුදීමේ හැකියාව සමගින් බලගැන්වී ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, තම රක්ෂණ ඔප්පු හිමියන් සඳහා අසමසම වූ රැකවරණයක්, නවතාවයක් සහ වටිනාකමක් ලබා දීමට කැපවී ක්‍රියා කරමින්, රටේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙර ගමන් කරුවෙකු ලෙස කටයුතු කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )