එක්සත් රාජධානියේ College of Contract Management විසින් ශ්‍රී ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව නොමිලේ පිරිනමයි

එක්සත් රාජධානියේ College of Contract Management විසින් ශ්‍රී ලාංකික සිසුන්ට බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව නොමිලේ පිරිනමයි

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව එම ආයතනය විසින් මේ වන විට සිදු කරනු ලබන සිය සමාජ වගකීම් මුලපිරීමක් ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පදනම් කර ගත් ඩිප්ලෝමා පාඨමාලා සිසුන් වෙත නොමිලේ පිරිනැමීමට පියවර ගෙන ඇත. මෙය ශ්‍රී ලාංකික සිසුන් හට බ්‍රිතාන්‍ය සුදුසුකමක් පූර්ණ වශයෙන් නොමිලේ හිමි කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් වන අතර, එය කිසිදු බලයලත් පාර්ශවකරුවෙකු නොමැතිව එම ආයතනය විසින්ම සෘජුවම පිරිනැමීම විශේෂත්වයකි.

මෙම ඩිප්ලෝමා සුදුසුකම, ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති රැකියා සඳහා අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සිසුන්ට ලබා දීමට බොහෝ දුරට අපොහොසත් වන සාම්ප්‍රදායික අධ්‍යයන පාඨමාලාවන්ට වඩා වෙනස් වේ.

College of Contract Management හි බොහෝ සිසුන් මේ වන විටත් ලොව පුරා ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාල වලින් උපාධිය හෝ පශ්චාත් උපාධි හිමි කරගෙන ඇත. කාර්යන්හි නියුතු වෘත්තිකයන්ගේ නිපුණතා සහ හැකියාවන් ඉහළම මට්ටමක් කරා වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති එහි සකස් කරන ලද වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා හේතුවෙන් ඔවුන් විද්‍යාලය සමගින්ම වැඩිදුර අධ්‍යාපනය සඳහා තෝරා ගනු ලබයි.

මෙම විද්‍යාලය ඉදිකිරීම්, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර, ඔවුන්ගේ භූමිකා තුළ විශිෂ්ට වූ සාර්ථකත්වයක් ලඟා කර ගත හැකි ඉහළ කුසලතා ඇති වෘත්තිකයන් බිහි කරනු ලබයි. මෙම විද්‍යාලයේ මූලස්ථානය එක්සත් රාජධානියේ, සරේ හි (Surrey) පිහිටා ඇති අතර, ඊට අනුබද්ධ කාර්යාල රටවල් කිහිපයක ක්‍රියාත්මක වේ. එහි කාර්යාලයක් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ, කොළඹ 03 කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇත.

ශ්‍රී ලාංකික වෘත්තිකයන් බුද්ධිමත්ව හා වෙහෙස මහන්සි වී වැඩ කරන, මනා කැපවීමකින් යුත් පිරිසක් බවට විද්‍යාලය විසින් සොයාගෙන ඇත. ශ්‍රී ලාංකික වෘත්තිකයන් කෙරෙහි එම ආයතනය සතුව පවතින මෙම ධනාත්මක අත්දැකීම ශ්‍රී ලංකාවෙන් තවත් තාක්ෂණික වෘත්තිකයන් බඳවා ගැනීම සඳහා ඔවුන්ව පොළඹවා තිබේ. වසර ගණනාවක් මුළුල්ලේ සතිපතා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවද, දේශීය රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍යවන පරිදි ප්‍රායෝගික කුසලතා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා සුදුසු අයඳුම්කරුවන්ගේ හිඟයක් පවතින බවට ඔවුන්ට අනාවරණය වී තිබේ.
එම මූලස්ථානයේ බඳවා ගැනීම් කටයුතු මෙහෙයුම් ප්‍රධානී එලිස් ද කාට්‍රේට් (Elise de Carteret) මහත්මිය පැවසුවේ, සෑම සතියකම කොළඹදී රැකියා සඳහා ඉල්ලුම් කරන්නන් 50 කට වැඩි සංඛ්‍යාවක් හමුවන බවත්, රැකියා වෙළඳපොළේ බොහෝ රැකියා පුරප්පාඩු දැන්වීම් දකින නමුත්, බොහෝ අයඳුම්කරුවන් සතුව ඇති අධ්‍යාපන සුදුසුකම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා හා සසඳන විටදී නොගැලපෙන බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, විද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පදනම් කර ගත් ඩිප්ලෝමා පාඨමාලාව හරහා ගෝලීය මට්ටමින් ක්ෂේත්‍රයට අවශ්‍ය සැබෑ කුසලතා ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් මෙම අවස්ථාව නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. වෙනත් අධ්‍යයන පාඨමාලා මෙන් නොව මෙම ඩිප්ලෝමා පාඨමාලාව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් නිර්මාණය කර ඇත. වර්තමාන ලෝකයේ පවතින උදාහරණ, විද්‍යාගාර තුළ කෙරෙන සැසි, ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් සිද්ධි අධ්‍යයන සහ පුළුල් විශ්ලේෂණ සහිත පැවරුම් ව්‍යාපෘති භාවිතාකරමින් පළපුරුදු වෘත්තිකයන් විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලබයි.
සෑම අධ්‍යයන මොඩියුලයක් අවසානයේදී සිසුන් වර්තමානයේ පවතින අවස්ථා මත පදනම් වූ පැවරුම් සම්පූර්ණ කළ යුතුය. ඒ තුළින් ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම, කඩිනමින් රැකියා ලාභියකු වීමේ අවකාශය ද හිමි වේ. රැකියා තරගය සඳහා බලගැන්වූ නිපුණතා වැඩිදියුණු කිරීම, උපාධිධාරීන් හට ශ්‍රම බලකායේ ප්‍රවේශ සලසා දීමට හෝ විශ්වාසයෙන් යුතුව වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සූදානම සම්බන්ධයෙන් මෙම පාඨමාලාව වැඩි අවධානයක් ලබා දේ.
මෙම ඩිප්ලෝමා පාඨමාලා දේශීය වෙළඳපොළට සාපේක්ෂව මිල අධික වූවද, විශේෂයෙන් එක්සත් රාජධානිය පදනම් කරගත් කථිකාචාර්යවරුන්ගේ සහ පාඨමාලා මෙහෙයුම් පිරිවැය හා සසඳන විට, මෙම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව ශ්‍රී ලාංකික සිසුන්ට කිසිඳු වියදමකින් තොරව ලබා දීමට එම ආයතනය කැපවී කටයුතු කරයි.
සිය මෙහෙයුම් කටයුතු කිරීම සඳහා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් සොයා ගැනීම ඔවුන්ට අභියෝගයට තුඩු දෙන හේතුවක් විය. එම තත්ත්වය මත අධ්‍යයන පාඨමාලා බොහෝ දුරට ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවන් සපුරාලීමට අපොහොසත් වන බවට ඔවුන් හඳුනාගනු ලැබීය. LinkedIn සහ TopJobs වැනි අන්තර්ජාල අවකාශයන් තුළ දිනපතා රැකියා පුරප්පාඩු දහස් ගණනක් ප්‍රචාරය කළද, මෙම විතැන් වීම හේතුවෙන් බොහෝ රැකියා සොයා යන පිරිස් රැකියා විරහිතභාවයට පත්ව සිටිති.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව කරන ලද ඔවුන්ගේ පර්යේෂණවලින් අනාවරණ වී ඇත්තේ, 2024 වසරේදී පාසල් හැරගිය පිරිසෙන් 333,000 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කළද, ඉන් 150,000 ක පිරිසක් උසස් පෙළ සුදුසුකම් සපුරාලීමේ විභාගය සමත් වූ නමුත්, විශ්වවිද්‍යාලයට තේරී පත්ව තිබුණේ 41,000 ක සිසුන් පිරිසක් පමණක් බවයි. එම නිසා බොහෝ දුරට මූල්‍යමය බාධාවන් හේතුවෙන්, සුදුසුකම් සපුරනු ලැබූ සිසුන්ගෙන් 50,000 ක් පමණ උසස් අධ්‍යාපන ප්‍රවේශය අහිමිවී තිබේ.
එවැනි සිසුන් හට මැදපෙරදිග හෝ ආසියානු කලාපයේ අඩු නිපුණත්වයක් සහිත රැකියාවල නියැලෙනවාට වඩා, කොළඹදී හිමිවන මෙම මහඟු අවස්ථාව මගින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ තම ඉහළ මට්ටමේ රැකියාවන් ආරම්භ කිරීමට එය උපකාරී වනු ඇති බවට විද්‍යාලය විශ්වාස කරයි. තවද, මෙම මුලපිරීම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයන් සහිත සංචිතයක් නිර්මාණය කිරීමට සහයක් ලබා දේ. එමගින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැඩි සේවා යෝජකයින් සහ ආයෝජකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ මෙම විද්‍යාලයට අනුබද්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම පහසු කටයුත්තක් වී ඇති බව College of Contract Management හි විදුහල්පති රිසාත් රූමි අබ්දුල් රසාක් (Rizath Roomy Abdul Razack) මහතා අදහස් දක්වමින් පැවසීය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව විශාල වශයෙන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා සාර්ථක දොරටුවක් ලෙස පවතින අතර එය අවසානයේ විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමටත්, දේපළ වෙළඳාම් සඳහා ඉල්ලුම වැඩි කිරීමට සහ අදාළ ක්ෂේත්‍රවල ආයෝජන දිරිමත් කිරීමටත් කටයුතු කරනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නව රජය ඩිජිටල් ක්ෂේත්‍රය හරහා ආර්ථිකය වර්ධනය කිරීමට පැහැදිලි උත්සාහයක නිරතව සිටින බව College of Contract Management හි කොළඹ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජනිත් සචින්ත මහතා පැවසීය. කෙසේ වෙතත් මෙම වර්ධනයට සහාය වීම සඳහා ක්ෂේත්‍රයේ ශක්තිමත් කුසලතා සහිත දක්ෂ සංචිතයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ආයතන කාර්යභාරයක් ඉටු කළද, එහි උපාධිධාරීන් අදාළ ක්ෂේත්‍ර සඳහා සූදානම් වීමට කාලයක් ගත වන බවත්, වර්තමානයේ පවතින නව්‍ය අත්දැකීම් නොමැතිකම හේතුවෙන් බොහෝ දෙනෙක් රැකියා සොයා ගැනීම සඳහා අරගල කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
College of Contract Management හි ප්‍රායෝගික ප්‍රවේශය සුවිශේෂී වන අතර, එහි පාඨමාලාවන් සිද්ධි අධ්‍යයන සහ ප්‍රයෝගික පර්යේෂණ ව්‍යාපෘති භාවිතා කරයි. පුරා වසර 13 කට වැඩි ගෝලීය අත්දැකීම් සහිත මෙම විද්‍යාලය, සිසුන් තම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය සඳහා බලගන්වමින්, ක්ෂේත්‍රයට ගැලපෙන පාඨමාලා පිරිනැමීම වෙනුවෙන් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී තිබේ.
ප්‍රායෝගික මග පෙන්වීම සහ වෘත්තීය දැනුම ලබා දෙමින්, උපදේශකයින් ලෙස කටයුතු කරන ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන් විසින් පාඨමාලා මෙහෙයවනු ලබයි. මෙම මුලපිරීම සිසුන්ට මහඟු උපකාරයක් වන අතර, එය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු වශයෙන් පුළුල් ආර්ථික පරිවර්තනයට දායක වනු ඇත. ඩිජිටල් ආර්ථිකය සඳහා සූදානම් ශ්‍රම බලකායක් ගොඩනැගීම තුළින්, මෙම පාඨමාලාව ජාතික වශයෙන් තරගකාරී සහ ක්ෂේත්‍රය තුළ දිගු කාලීන වර්ධනයට සහායක් ලබා දේ.
උපාධිධාරීන් රැකියා සඳහා බලගන්වන ප්‍රායෝගික හැකියාවන් අත්කර ගැනීම පමණක් නොව, විශ්වාසය සහ පුළුල් වෘත්තීය අපේක්ෂාවන් වෙත ඔවුන් යොමු කිරීමටද ආයතනය කටයුතු කරයි. ප්‍රායෝගික ප්‍රවේශය හරහා සේවායෝජකයින් විසින් ඉහළ කුසලතාවයන් පිරික්සීමත් සමග ඔවුන්ගේ උපාධිය ලබා ගැනීම කඩිනමින් සහතික කරයි.
ශ්‍රී ලංකාවේ මෙන්ම, මෙම ආයතනයට අනුබද්ධ කාර්යාල මෙහෙයුම් ක්‍රියාත්මකවන අනෙකුත් රටවල නොමිලේ පවත්වනු ලබන මෙම තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාලය විසින් සැලකිය යුතු පිරිවැයක් දරනු ලබයි. මෙම ව්‍යාපෘතියට පූර්ණ කාලීන කථිකාචාර්යවරුන්, උපදේශකයින් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පහසුකම්ද ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය වාණිජමය අරමුණු පෙරදැරි කර ගත් ව්‍යාප්තියක් නොව, ආයතනය විසින් සමාජ වගකීම් ඉටු කිරීමෙහිලා ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. මෙම පාඨමාලාව සම්පූර්ණ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන අතර, එය දක්ෂ සිසුන් සඳහා පවතින මූල්‍යමය බාධාවන් ඉවත් කරනු ලබයි. එමෙන්ම මේ තුළින් දැනුම හා කුසලතා හුවමාරුවීම හරහා ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවන් විසින් රටේ ආර්ථික වර්ධනයට අර්ථවත් ලෙස දායක වන ආකාරය මනාව විදහා දක්වයි.
තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් හට www.uniccm.com වෙබ් අඩවිය මගින් හෝ විද්‍යාලයේ නිල සමාජ මාධ්‍ය සබැඳි ඔස්සේ පාඨමාලාව හැදෑරීම සඳහා ලියාපදිංචි විය හැකිය. සියලු විස්තර ඇතුළත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරලව සඳහන් කර ඇති අතර, මූල්‍ය හෝ පරිපාලනමය සීමා කිරීම් හේතුවෙන් සුදුසුකම් සපුරන කිසිඳු ශිෂ්‍යයෙකු බැහැර නොකෙරේ.
College of Contract Management (UniCCM) විද්‍යාලය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ වැඩි දුර තොරතුරු 077 9077300 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )