පොලිසිය තලාවේ කන්ටේනර් දෙක ගැන තරම් කන්ටේනර් 323 ගැන උනන්දු නෑ

පොලිසිය තලාවේ කන්ටේනර් දෙක ගැන තරම් කන්ටේනර් 323 ගැන උනන්දු නෑ

මිද්දෙණිය තලාව ප්‍රදේශයෙන් හමු වූ කන්ටේනර් දෙක වරායෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම රටට ප්‍රකාශ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

එහෙත් මාස ගණනක් ගත වුව ද තවමත් එම කන්ටේනර් 323හි අඩංගු මොනවාද යන්න සහ ඒවා අයිති කාට ද යන්න පිළිබඳ රටට ප්‍රකාශ කිරීමට පොලිසිය අසමත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන රැගෙන ආව ද මෙතෙක් කිසිදු ජාවාරමක් නතර වී නැති බව ද රෝහණ බණ්ඩාර සඳහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )