නීති විරෝධීව ඕමානයේ සිටින ලාංකිකයින්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ..

නීති විරෝධීව ඕමානයේ සිටින ලාංකිකයින්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ..

වලංගු වීසා කාලය ඉක්මවා ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කර තිබේ.
ඒ, දෙසැම්බර් 31 වැනිදා දක්වායි.

වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති හෝ එය කල් ඉකුත් වී ඇති පුද්ගලයින් තාවකාලික ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සඳහා ලියාපදිංචි විය යුතුයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ, එම පොදු සමාකාලය තුළ දඩ මුදල් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව හිමිවන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )