
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන ‘EngEx 2025’ බලගැන්වීමට SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එක් වෙයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’ ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා SLT-MOBITEL සිය අනුග්‍රාහකත්වය ලබා දීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසු ගිය දා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයට සහයෝගය ලබා දීමේ සහ නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් SLT-MOBITEL විසින් මෙම අනුග්‍රාහකත්වය ලබා දීම සිදු කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන ‘EngEx 2025’ වෙත SLT-MOBITEL සිය අනුග්‍රාහකත්වය ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලාංකේය නවෝත්පාදන සහ ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිත කුසලතා එළිදක්වන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 23 වන දින සිට 27 වන දින දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනයට ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්, ශාස්ත්‍රඥයින්, පාසල් සිසු සිසුවියන් ඇතුළු ව 50,000 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
තාක්ෂණික භාවිතය වැඩි දියුණු කිරීම හරහා මෙරට ජාතික සංවර්ධනය මෙන් ම ඉංජිනේරු හා තාක්ෂණික වෘත්තීන් වෙත තරුණ තරුණියන්ගේ උනන්දුව හා යොමු වීම වර්ධනය කිරීම EngEx 2025 ඉංජිනේරු ප්‍රදර්ශනය මඟින් ප්‍රදාන වශයෙන් අරමුණු කරන අතර, මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලු දෙනාට විවිධ වැඩසටහන් ඇසුරින් අද්විතීය අත්දැකීම් රැසක් ලබා ගැනීමේ හැකියාව ලැබීම විශේෂිත ය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “ EngEx2025 ඉංජිනේරු ප්‍රදර්ශනය මඟින් තිරසාර තාක්‍ෂණික දියුණුවක් සහිත අනාගතයක් ගොඩ නැංවීමට ඉංජිනේරු තාක්ෂණය යොදා ගත හැකි ආකාරය නිරූපණය කරනවා. වර්තමාන ඉංජිනේරු විද්‍යාවේ බලපෑම් සහගත බව නිරූපණය කරන අති නවීන පර්යේෂණ, නවෝත්පාදන සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති රාශියක් මෙහි දී එළිදැක්වීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය මඟින් අධ්‍යාපනික, කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් දැනුම ලබා දීම විශේෂයි. අනාගත පරපුර ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය වෙත යොමු කිරීමට මෙම ප්‍රදර්ශනය උත්තේජනයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික අධ්‍යයනය හා දත්ත විද්‍යාව, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික පද්ධති, රොබෝ විද්‍යාව, තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යාව, බලශක්තිය, පාරිසරික තිරසාරත්වය, නැනෝ තාක්ෂණය, නවීන ඉදිකිරීම් තාක්ෂණික ක්‍රමවේද, විනෝදාස්වාදය හා ඉංජිනේරු විද්‍යා ගණිත ක්‍රමවේද ආදී වශයෙන් ඉංජිනේරු විද්‍යාව ආශ්‍රිත ක්ෂේත්‍ර ගණනාවක් මෙම ප්‍රදර්ශනය මඟින් ආවරණය කෙරෙයි.
EngEx 2025 ප්‍රදර්ශනයේ දී SLT-MOBITEL විසින් සුවිශේෂී ප්‍රදර්ශන කුටියක් සැලසුම් කර ඇති අතර, එහි දී Fleet management systems, SLTravel platform, Kaspersky and Play Street platforms වැනි අති නවීන ඩිජිටල් සේවාවන් රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. එහි දී SLT-MOBITEL හඳුන්වා දෙන 5G තාක්ෂණයෙන් සමන්විත සේවා පිළිබඳ දැනුවත් වීමේ අවස්ථාව ද මෙම ප්‍රදර්ශනයට සහභාගි වන්නන්ට ලැබේ. එමෙන් ම SLT-MOBITEL ප්‍රවර්ධන කුටිය වෙත පැමිණෙන පුද්ගලයින්ට 5G ක්‍රීඩා, AR/VR සහ AI සේවා අත්හදා බැලීමේ 5G සම්බන්ධතාවය සහ FTTR තාක්ෂණය ප්‍රවර්ධනය කෙරෙන Broadband සේවා අත්විඳිය හැකි අතර, එහි දී SLT-MOBITEL වෙතින් පිරිනැමෙන පුළුල් සේවා කළඹ පිළිබඳ ව සහ ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලට හා ඩිජිටල් පරිවර්තනය සඳහා එම සේවාවන් යොදා ගත හැකි ආකාරය පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගත හැකි වීම ද විශේෂිත ය.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් SLT-MOBITEL සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි ඉංජිනේරු ප්‍රභාත් දහනායක මහතා මෙසේ පැවසීය. “EngEx 2025 ඉංජිනේරු ප්‍රදර්ශනයට අනුග්‍රාහකත්වය ලබා දීම තුළින්, අපගේ අනාගත පරපුර ඉංජිනේරු ක්ෂේත්‍රය සහ නවෝත්පාදන ක්ෂේත්‍රය වෙත යොමු කිරීමට SLT-MOBITEL සමාගමේ කැප වීම පිළිබිඹු කරනවා. මෙරට ජාතික ආර්ථිකය නැංවීමට ඉංජිනේරු ක්ෂේත්‍රය සහ නවෝත්පාදන ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බව ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම් සම්පාදක ලෙස අපි අවබෝධ කර ගෙන සිටිනවා. එම නිසා ම ඩිජිටල්කරණයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව අපි EngEx 2025 ප්‍රදර්ශනයට අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කළා.”
SLT-MOBITEL සමාගම EngEx 2025 සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීම හරහා එම සමාගම අධ්‍යාපනික ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දෙන සහයෝගය පිළිබිඹු වන අතර, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL සමාගම මෙරට අධ්‍යාපන හා කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය ලබා දී ඇත. මෙරට සිසු පරපුර බලගැන්වීමට SLT-MOBITEL විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩසටහන් අතර වර්තමාන ලෝකයේ පවතින අභියෝගවලට IoT පාදක කරගත් විසඳුම් සෙවීමට සිසුන් දිරිමත් කරන SLIoT අභියෝගය, ස්වයංක්‍රීය රොබෝවරුන් නිර්මාණය කිරීමට අභියෝග කරන RoboGames මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත AI තාක්ෂණය ආශ්‍රිතව ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන AIExpo 2025 වැනි වැඩසටහන් ද කැපී පෙනේ.
1950 දී පිහිටුවන ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, ජාතික සංවර්ධනයට සහ ගෝලීය වශයෙන් පිළිගැනීමට ලත් අති දක්ෂ ඉංජිනේරුවන් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති මෙරට පුරෝගාමී ඉංජිනේරු අධ්‍යාපන ආයතනයයි. EngEx 2025 ප්‍රදර්ශනය මෙම පීඨයේ අභිමානය, අති නවීන පර්යේෂණ, කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතා සහ ශිෂ්‍ය නවෝත්පාදනයන් මෙරට ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව උදා කර දෙයි.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා, https://engex2025.pdn.ac.lk/ වෙත පිවිසෙන්න. EngEx 2025 ප්‍රදර්ශනයේ ටිකට් පත් සැප්තැම්බර් මුල සිට මාර්ග ගත ව සහ එදින දොරටුවෙන් ලබා ගත හැකි ය.