JB Lands දේපළ සංවර්ධන විශිෂ්ටත්වයේ වසර 45 ක් සමරයි

JB Lands දේපළ සංවර්ධන විශිෂ්ටත්වයේ වසර 45 ක් සමරයි

ආර්ථික ප්‍රගතිය, නාගරීකරණය සහ වෙනස්වන පාරිභෝගික ඉල්ලුම මත දේපළ වෙළෙඳාම් සහ දේපළ සංවර්ධන අංශය ශ්‍රී ලංකාවේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෙම පරිවර්තනීය ගමනේ පුරෝගාමීන් අතර ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසය, නවෝත්පාදනය සහ නව්‍ය ප්‍රවේශයන් සනිටුහන් කළ ව්‍යාපාරික සන්නාමයක් ලෙස JB Lands හඳුන්වා දිය හැකිය.

JB Lands නිර්මාතෘ දිවංගත ජනක බෝගෝල්ලාගම මහතා සිය 75 වන ජන්ම දින සංවත්සරය සමරන විට සමාගම සිය 45 වන සංවත්සරය සමරනු ලබයි.

JB Lands සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ඉඩම් හිමිකම යථාර්ථයක් බවට පත් කිරීමේ දැක්ම පෙරදැරි කොටගෙන ගොඩ නැගී ඇති ව්‍යාපාරික සමාගමකි. 1970 දශකයේ අගභාගයේ දී ආර්ථික වර්ධනය සහ මධ්‍යම ආදායම් අංශයේ ව්‍යාප්තිය සමඟ වෙළඳපොලේ තීරණාත්මක පරතරයන් හඳුනා ගනිමින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි. පුද්ගලික ඉඩම් අයිතියට සීමිත ප්‍රවේශයක් ලෙස පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වමින්, සමාගම දහස් ගණනක් ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට ඉඩම් ලබා ගැනීමට හැකි වන පරිදි විසඳුම් ලබාදෙමින් පුරෝගාමී සේවාවක් ඉටු කරනු ලබයි. ”නිරපේක්ෂ විශ්වාසයක් සහිත සේවාවක්” ලබා දීම JB Lands හි මෙහෙවර කර ගනිමින් පාරිභෝගික හදවත් වෙත සමීප වී ඇත.

මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා JB Lands සිය වසර 45 ක ගමනට ගෞරව කිරීම, දිගුකාලීන සේවකයින්ගේ දායකත්වය ඇගයීම, නව ඉඩම් ව්‍යාපෘති හඳුන්වා දීම සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් පසුගියදා පවත්වනු ලැබීය. වසර ගණනාවක් පුරා, JB Lands කුරුණෑගල, හලාවත, කුලියාපිටිය ඇතුලු වයඹ පළාත් තුළ මෙන්ම කෑගල්ල හා මාතලේ දිස්ත්‍රික්කයන්හි සිය ව්‍යාපාරික මෙහෙයුම් හරහා ප්‍රජාවන් හැඩගස්වා තිරසාර නේවාසික පරිසරයන් නිර්මාණය කරමින් ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කර ඇත.

JB Lands කැපී පෙනෙන්නේ එහි නායකත්ව කණ්ඩායමයි. අද වන විට සමාගම මෙහෙයවනු ලබන්නේ කාන්තා නායිකාවන් කණ්ඩායමක් විසින් වීම විශේෂත්වයකි. සභාපතිනි සුනේත්‍රා බෝගොල්ලාගම, කළමනාකාර අධ්‍යක්ෂිකා හේෂානි බෝගොල්ලාගම සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂිකා සුජානි බෝගොල්ලාගම යන ඉහළ කළමණාකාරිත්වය විසින් මෙහෙයවනු ලබන JB Lands කැපී පෙනෙන සංවර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.

“ඉඩමක් හිමිකර ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයක් වන අතර එම සිහිනය සැබෑ කරමින් දැරිය හැකි මිලකට ඉඩම් කට්ටි හඳුන්වා දීමෙන් සහ විශාල වතු නේවාසික ඒකක බවට පරිවර්තනය කිරීමෙන් නිවාස හිමිකම පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කාර්යය ඉටු කරනු ලබයි. ආරක්ෂිත හිමිකම්, පහසු ගෙවීම් යෝජනා ක්‍රම, ගනුදෙනුකරුවන්ගේ ආයෝජන මත හොඳම ප්‍රතිලාභය සහතික කිරීම සඳහා සියලුම පළාත් පාලන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරනු ලැබේ. ව්‍යාපාරයේ සාර්ථකත්වයට අපගේ කැපවූ කණ්ඩායම සහ දශක හතරක් පුරා ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිඹිබු කරයි. දේපල වෙළඳාම් සංවර්ධනයේ නව මිණුම් සලකුණු අඛණ්ඩව සිදු කර ගෙන යන අතර පාරිභෝගිකයින්ට වඩාත් විශ්වාසනීය සේවාවක් සැපයීමට කටයුතු කරන බව කළමණාකාර අධ්‍යක්ෂිකා හේෂානී බොගොල්ලාගම සිය අදහස් දක්වමින් පැවසුවාය.

දේපළ හිමිකම බාධාවකින් තොරව සහ ආරක්ෂිත කිරීම සඳහා බොහෝ මුල පිරීම් හඳුන්වා දී ඇත. පොලී රහිත ගෙවීම් සැලසුම්, අභිරුචිකරණය කළ මූල්‍යකරණ විකල්ප, එකවර සම්පූර්ණ කරන ගෙවීම් සඳහා විශේෂ වට්ටම් සහ ප්‍රමුඛ බැංකු සමඟ සහයෝගයෙන් කඩිනම් ණය පහසුකම් සැපයීම මීට ඇතුළත් වේ. බැංකු ණය ලබා ගැනීමේදී ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම, සුමට හා පහසු අත්දැකීමක් සහතික කිරීම වැනි පුද්ගලාරෝපිත සේවාවන් ද සමාගම විසින් පුළුල් කර තිබේ.

JB Lands විනිවිදභාවය සහ නීතිමය ආරක්ෂාව සහතික කරයි. ආයතනික ප්‍රමිතීන් සපුරාලන පැහැදිලි හා මාරු කළ හැකි ඉඩම් හිමිකම් සහතික කරයි. ඊට අමතරව, සියලුම සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ නාගරික සභා අවශ්‍යතා සපුරාලමින් නවීන ජීවන රටාවක් සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ නාගරික පහසුකම් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා ය. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, උපායමාර්ගික හවුල්කාරිත්වයන්, නව්‍ය ව්‍යාපෘති සහ පාරිභෝගිකයින්ට ප්‍රමුඛ ප්‍රවේශයක් හරහා අවස්ථාවන් උපයෝගී කර ගනිමින් සමාගම සිය සේවාවන් ලබා දීමට කටයුතු යොදා තිබේ.

දශක ගණනාවක් පුරා, JB Lands ප්‍රජා සත්කාර සේවාවන්ද පවත්වාගෙන යනු ලබයි. සාධාරණත්වය සහ වගකීම එහි ව්‍යාපාරික වටිනාකම් වලට ඒකාබද්ධ කිරීම සඳහා ගැඹුරින් කැපවී සිටී. ආබාධිත සොල්දාදුවන් සඳහා ඉඩම් සහ නිවාස ලබා දීම, යුද්ධයෙන් අනාථ වූ දරුවන්ට පරිත්‍යාග කිරීම්, ග්‍රාමීය ප්‍රදේශවල ආගමික ස්ථාන ඉදිකිරීම සහ සුනාමියෙන් අවතැන් වූවන්ට සහාය වීම ඇතුළු බොහෝ මුලපිරීම් සඳහා සමාගම ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. මෙම උත්සාහයන් තුළ සැබෑ සාර්ථකත්වය පවතින්නේ දේපළ ගොඩනැගීමේදී පමණක් නොව ජීවිත නඟා සිටුවීම සහ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ප්‍රජාවක් පෝෂණය කිරීම තුළ බව JB Lands සිය විශ්වාසය තහවුරු කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )