පාසල් යන ඔබේ දරුවන් පිළිබද වැඩි අවදානයෙන් ඉන්න

පාසල් යන ඔබේ දරුවන් පිළිබද වැඩි අවදානයෙන් ඉන්න

පොලිසිය පැවසුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ ශබ්ද උපකරණ විකුණන වෙළඳසැලක නීති විරෝධීව පවත්වාගෙන ගිය ඊ සිගරට් හයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත බවයි.

මෙම ඊ සිගරට් විකුණා ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් සිසුන්ට වන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42ක් වූ පුද්ගලයෙක් බවයි පොලිසිය සදහන් කලේ.

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමු වූ ප්‍රථම ඊ සිගරැට් යන්ත්‍ර සහ එම උපාංග කොටස් මෙය බවයි සුරාබදු නිලධාරීන් පවසන්නේ

මෙහි එක්වර විශාල දුමක් නොයන අතර එහි රසාස්වාදය ඔවුන්ට උපරිම ලැබෙන අතර මෙවැනි යන්ත්‍ර භාවිතා වෙන්නේ ලෝකයේ දියුණු රටවල් වල කැසිණෝ ශාලා ආශ්‍රිත බවයි වාර්තා වෙන්නේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )